FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියත් හැක් වෙයි – ලුහුබැදීමට සැකයකුත් මතුවෙයි..

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි පැවැසීය.

එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක් එහි පළ කර ඇති අතර හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (haජked by mr z) විසින් බව එහි සඳහන් වේ.

එසේම ‘උතුම් ජීවිත පරිත්‍යාගය‘ යනුවෙන් ඉන්දුනීසියා බසින් එහි සටහන් කර ඇති අතර එම් සී ඒ යනු ඉන්දුනීසියා සංවිධානයක් බවද පැවසේ.

පිටස්තරයන් විසින් කළ බව පෙන්වීමට ඇතැම් විට මෙය ශ්‍රී ලාංකිකයකු විසින්ම කළාදැයි සෙවිය යුතු බව සයිබර් විශේෂඥයෙක් කීවේය.

මීට පෙරද ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී යැයි පාසල් සිසුවෙක් ද අත්අඩංගුවට පත් විය.