FAST NEWS

24×7 Around the Globe

ඇමැති ඩිලාන් කළ පුංචි අහිංසක ප්‍රාර්ථනය මෙන්න…

 

“ලෝකයේ  උතුමිම වස්තුව වු දරුවා. දරුවට දෙන්න පුලුවන් උතුම්ම තෑග්ග තමයි අධ්‍යාපනය. එ නිසා ඒ උතුම්ම තෑග්ග මේ දරුවන්ට දෙන්න පෞද්ගලිකව මට දෙන්න පුලුවන් උදව්ව  තමයි මේ පොත් පත් බෙදාදිමේ කටයුත්ත. රජයෙන් උදවු අරගෙන ස්කොල හදලා ස්කොලවල ගොඩනැගිලි හදලා ස්කෝලවල පහසුකම් දෙන ගමන් පෞද්ගලිකව දරුවන්ට මේ  සත්කාරය  අවුරුදු ගානක් තිස්සේ මම කරනවා.

එ් කරනකොට මම පුංචි අහිංසක ප්‍රාර්ථනාවක් පෞද්ගලිකවත් කරනවා. ඒ තමයි දරුවො ඉන්න අම්මලා  තාත්තලා දරුවන්ට ආදරේයි වගේම දරුවො නැති අය දරුවන්ගේ අගය ඊට වඩා දන්නවා. දරුවො නැති මට දරුවන්ගේ අගය ගොඩක් දැනෙනවා. එ් නිසා තාත්තා කෙනෙක් හැටියට මේ ආත්මේ වරම් නැති මට මේ කරන සත්කාරය හරහා ඊලග ආත්මේ තාත්තා කෙනෙක් වෙන්න කියලා මගේ අහිංසක ප්‍රාර්ථනයකුත් මම කරනවා” යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හා පාසැල් සිසුන්ට ඩිලාන් පෙරේරා සහයෝගිතා පදනමෙන් නව වසර සදහා පොත් ප‍්‍රදානය කරමින් හාලිඇල කුඩුමහවෙල කාශ්‍යප පිරිවෙන් විහාරස්ථානයේදි රාජ්‍ය ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කලේය.