FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණූ 110 කට සීමා වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකා ප්‍රථම ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි.

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අරාධයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 392ක් රැස්කළේය.

ඒ අනුව ලකුණු 282ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබීය.

දෙවැනි දිනය නිමාවන වට සිය දෙවැනි ඉනමට දකුණූ අප්‍රිකාව කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 35 ක් රැස් කර ගෙන සිටි අතර එ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා 317 ක් ඉදිරියෙන් සිටියි.

අද තරගයේ තෙවැනි දිනයයි..