FAST NEWS

24×7 Around the Globe

බකින්හැම් මාළිගයෙන් එළිසබෙත් මහ රැජිනගේ සෞඛ්‍ය ගැන ආරංචියක්…

 

බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇයගේ පවුලේ සමීපතමයින් පවසන බව විදෙස් වාර්තා පැවැසීය.

මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට සිදු වූයේ එළිසබෙත් මහ රැජිණ නව වසර උදාව වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගී නොවීම හේතුවෙනි.

ඇය ඉකුත්දා පැවති නන්තල් විශේෂ දේව මෙහෙයට ද සහභාගී වී නැති අතර අධික ශීත කාලගුණය හේතුවෙන් මහ රුජිණ රෝගී තත්වයෙන් පසුවීම ඊට හේතුව ලෙසට ප‍්‍රකාශ කෙරුණි.

බකින්හැම් මාළිගය පවසන්නේ මහ රුජිණ මේ වනවිට ද සුවය ලබමින් සිටින බවයි.