මේ මොහොත වන විට දේශපාලන වශයෙන් යම් උණුසුම්කාරී වාතාවරණයක් ශ්රීලනිප ප්රමුඛ සන්ධානය වටා ගොඩනැගෙමින් පවතී.
මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා දුන්නද යම් චෝදනා වලට ලක් වූ පුද්ගලයන්ට නාමයෝජනා නොදීමට ජනපති මෛත්රිපාල සිරිසේන මහතා මේ මොහොත වන තීරණය කර ඇත.
මේ තත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් බොහෝදෙනෙකුට නාමයෝජනා නොලැබීමේ පසුබිමක් යටතේ රාජපක්ෂ මහතා වෙනමම තරග කිරීමට යනු ඇති බවටද යම් රාවයක් පවතී
.නමුත් මෙවෙනි පසුබිමක් තුල කිසුදු බියකින් තොරව රාජපක්ෂ පාර්ශවය ජනපති මෛත්රිපාල සිරිසේන මහතා සමගම කටයුතු කරන්නේ සන්ධාන ලේකම් තීරණාත්මක මොහොතකදී තම පාර්ශවය වෙත නතු කරගැනීමේ හැකියාවක් ඇති නිසාවෙන් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
නාමයෝජනා දීමේදී තීරණාත්මක කාර්යභාරයක් හා බලතල ලේකම් වරයා සතුව පවතී.








