FAST NEWS

24×7 Around the Globe

වොනර් පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් වාර්තා පොත් අලුතින් ලියයි..(විඩීයෝ)

ටෙස්ට් තරගයක මුල් දිනයේදී දිවා ආහාරයට පෙරාතුව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ පස්වැනි ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් ඉතිහාසගත වීමට ඩෙවිඩ් වොනර් අද (03) සමත් විය.

 සංචාරක පකිස්තාන කණ්ඩායම සමග අද (03) ආරම්භ වු තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදි ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත් විය.

දිවා ආහාරයට විනාඩි 04කට පෙරාතුව පන්දු 78 කින් වාර්තා කළ වෝනර් ගේ ශතකයට හතරේ පහරවල් 17ක් ඇතුළත් විය.

මීට පෙර මෙම දක්ෂතාවය දක්වා තිබුණේ විකටර් ට්‍රම්පර්, චාල්ස් මැකාට්නි, ඩොන් බ්‍රැඩ්මන් හා මජිඩ් ඛාන් පමණි.

[youtube url=”https://www.youtube.com/watch?v=34YcUxw5IJs” width=”560″ height=”315″]