ඉරාකය තුළ සිදු වන අල්ලස් හා දූෂණයන්ට එරෙහිව හඬ නැඟූ ඉරාක මාධ්‍යවේදිනියක් අවි ගත් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි නම් ඇය මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ බැග්ඩෑඩයේ සයිදියා හි පිහිටි ඇයගේ නිවසේ දී වන අතර ආරක්ෂක නිලධාරීන් බව පවසමින් එම තුවක්කුකරුවන් නිවසට ඇතුළුවී ඇති බව සදහන් වේ.
මේ අතර ඇයව සොයා ගැනීමට සහ මුදා ගැනීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නා ලෙස අගමැති හයිදර් අල්- අබාදි ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.
අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයාව විවේචනය කරමින් අක්ලාම් වෙබ් අඩවියට ඇය විසින් ලියූ ලිපියක් ඇයව පැහැර ගැනීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කර තිබේ.
මේ අතර තම දියණිය සමඟ රණ්ඩු කර ගත් සිසුවකුට දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළ නසිරියා හි පාසලක විදුහල්පතිවරයකුට එම ඇමැතිවරයා විසින් බැණ වැදීම ඇය විසින් මේ ලිපියෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
43 හැවිරිදි ක්වයිසි, අෂර්ක් අල්-අව්සත් පුවත් පතේ සහ දේශීය වෙබ් අඩවි රැසක සේවය කරන්නියක් සේම ඇය ඉරාක සංස්කෘතික අමාත්‍යාංශයේ ද සේවය කරන අතර මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රියාකාරිනියකි.
මාධ්‍යවේදීන්ට වඩාත් භයානක රටක් ලෙස ඉරාකය හැඳින්වෙන අතර 2016 වසරේ දී පමණක් ඉරාකයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව හතකි.
ඡායාරූප පහතින්..











