FAST NEWS

24×7 Around the Globe

‘ලැජ්ජයි මට, මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන’ – සාලිට මතුව ඇති උත්තර නැති ගැටලුව මෙන්න..

 

යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පැවැසීය.

වත්මන් පාලනයේ නායකයන් හමුවී සාකච්ඡා කළත් තමන්ට යුක්තිය ඉටු නොවූ හෙයින් ඒ බව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිදුවූ බව ඔහු ප්‍රකාශ කලේය.

‘මාස විසිතුනක සංහිඳියාව කෝ ? සංහිඳියාවක් තිබුනා නම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ. අද මහින්ද රාජපක්‍ෂ මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ.

මේ ස්වාධීන කොමිෂන් ගැන විශේෂයෙන්ම කතා කළේ මම. අපේ ආණ්ඩුව පත්වුනා, ස්වාධීන කොමිෂන් ටික දුන්න, නීතිය අතට ගන්න ඕන නැහැ, පොලිසිය වැඩේ කරයි කියල අපි පම්පෝරි ගැහුවා… හැබැයි කෝ ? ලැජ්ජයි මට. මේ ආණ්ඩුවද බලයට ගෙනාවේ කියල මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන.

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ අප සතුව පැමිණිලි 476ක් තිබුණ. මේ ආණ්ඩුවේ මාස විසිතුනට පැමිණිලි 223ක් තියෙනවා. අද වනතුරු මගේ රජය මේ ගැන කිසිම ක්‍රියාදාමයක් අරගෙන නැහැ. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට කිසිම වැඩපිළිවෙලක් නැහැ.

මේ කැම්පේන් කරපු මට පාරේ බැහැල යන්න බැහැ. මිනිස්සු අහනවා තමුසේ ගෙනාපු රජය අපිට කෙලිනවා කියල. එහෙම අහනකොට මට උත්තරයක් නැහැ දෙන්න’ යනුවෙන් අසාද් සාලි ප්‍රකාශ කළේය.