සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගය අද (02) කෙප් ටවුන්හිදි ආරම්භ වීමට නියමීතය.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රීකට් ලකුණු 206 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
කෙසේ වෙතත් ප්‍රථම ටෙස්ට් තරගයේ පරාජය ගැන අදහස් පළකරන නායක ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවන් පන්දුවට පහරදීමේදී වැරදි ලෙස පහරවල් කරා යෑම නිසා ඉක්මනින් කඩුලු පූජා කිරීම ලොකු බලපෑමක් වූ බව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
“දකුණු අප්‍රිකානුවන් ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු ලැබුවා. පිතිකරුවන් දෙදෙනෙක් පමණයි කුසල් මෙන්ඩිස් හා තමා (ඇන්ජලෝ) අර්ධ ශතකවලට පැමිණියේ. ප්‍රථම ඉනිමේදී මුල් පිතිකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු පහරවල්වලට යෑමට ගොස් දැවී ගියා. දෙවැනි ඉනිමේදීත් අනවශ්‍ය කලබලයක් පෙන්නුවා පිතිකරණයේදී. මම හිතන්නේ නිවැරදි පහරවල් කරා යෑමට විශේෂයෙන් ප්‍රබල පන්දු යවන්නන් සිටින මෙවැනි කණ්ඩායමකදී හරිම වැදගත්” බව මැතිව්ස් පවසයි
“ලකුණු ලබාගැනීම සඳහා වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. පිතිකරුවන් කඩුල්‍ලේ වැඩි වේලාවක් රැඳී සිටම ක්‍රියාත්මක කළ යුතුයි සෙමින් ඉනිම ගොඩනැගීමට. කොහොම වුණත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්. යොවුන් පිතිකරුවන්ට නව අත්දැකීම් ලැබිය යුතුයි” යනුවෙන්ද මැතිව්ස් පවසයි.
“අපට තිබුණේ ලකුණු 286කට ප්‍රථම ඉනිමේ දවා ගැනීමේ වාසිය ගැනීමට ප්‍රථම ඉනිමේ ඔවුනට වඩා ලකුණු 200ක්වත් ලැබිම. කොහොම වුණත් මේ නිසා දෙවැනි ඉනිමේ ලකුණු 488ක අසීරු ඉලක්කයක් ලැබුණා. මෙහිදී දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යෑම බලාපොරොත්තු නොවුණ දෙයක්. කුසල් ජනිත්ගේ ස්ථානය වෙනස් කිරීමේ අදහසක් නැහැ. අනෙක් අතට චමීර සුපුරුදු රිද්මයට ආබාධයෙන් පසුව නොපැමිණීම ලොකු පාඩුවක් වුණා. මේ වැරදි ගැන වටහාගෙන දෙවැනි තරගයට අවතීර්ණ විය යුතු” බවද මැතිව්ස් පෙන්වා දෙයි.
“කොහොම වුණත් හොඳ තරග සැලසුමක් තිබිය යුතුයි. මෙහිදී කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණය දෙවැනි ඉනිමේදී වඩාත් සාර්ථක වූ බවත් අවසානයේදී මහාරාජ්ට එරෙහිව දැවී ගිය අයුරු අවාසනාවන්ත සිදුවීමක් බවද පවසන මැතිව්ස් ප්‍රබල වේගපන්දු යවන්නන් සහිත දකුණු අප්‍රිකානුවන්ට මුහුණදීමේ අභියෝගය හොඳින් වටහාගෙන ක්‍රියාත්මක විය යුතු” බව පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.