හිටපු අගමැතිගේ දේහයට ජනපති අවසන් ගෞරව දැක්වූ හැටි මෙන්න… (වීඩියෝ)

හිටපු අගමැතිගේ දේහයට ජනපති අවසන් ගෞරව දැක්වූ හැටි මෙන්න… (වීඩියෝ)

 

හිටපු අග‍්‍රාමාත්‍ය අභාවප‍්‍රාප්ත රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද(30) සිය අවසන් ගෞරවය පුදකරන ලදි.

හෙට දිනයේ(31) අවසන් කටයුතු සිදුකිරීමට නියමිත රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිටත් විශාල වශයෙන් ජනතාව පැමිණිමෙන් සිටින අතර ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට හොරණෙ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

අද(30) පෙරවරු කාලයේ මෙන්ම ඊයේ(29) රාත‍්‍රියේත් රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරවය පුද කිරීම සඳහා දේශපාලඥයන් ඇතුලූ විශාල පිරිසක් පැමිණි අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරවය පුදකිරීමට අද(30) පෙරවරුවේ පැමිණියේය.

එසේම ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ පුර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව හෙට(31) පස්වරුවේ හොරණ මහජන ක‍්‍රිඩාංගණයේදි රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවසන් කටයුතු සිදුකරන බවයි.

වීඩියෝව පහතින්..

CATEGORIES