FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වෙයි…?

 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

මේ සදහා හේතුවී ඇත්තේ සනත් ජයසුරිය මහතා විසින් තෝරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා අකමැත්ත පල කිරීම මෙන්ම දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල බලධාරීන්ගෙන් එල්ල වන බලපෑම්ය.

මේ හේතූන් නිසා තවදුරටත් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කිරීම පලක් නොමැති බව සනත් ජයසුරිය මහතාට හැගී ගොස් ඇති බවද පැවසේ.

එම නිසා ඉදිරි සති කිහිපය තුල ඔහු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.