FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි…

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැනස්බර්ග් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඊයේ(29) තරඟය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 488 ක ඉලක්කයක් කරා හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුළු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටි අතර දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවේ කඩුලු 6 කට ලකුණු 406 ක් ලබා සිටියදීය.

පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 286 ක් වන නමුත් ශ්‍රී ලංකාවට පළමු ඉනිමේදී රැස් කර ගත හැකිවූයේ ලකුණු 205 ක් පමණි.