FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් UN විවේචනයට – හේතුවත් හෙළිවෙයි…

ලබන 20 වනදා සිට ඇමරිකානු ජනපති පදවිය භාරගන්නට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඔහු පසුගියදා සිය ට්වීටර් ගිණමෙන් පවසා ඇත්තේ

‘එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලෝකය වෙනුවෙන් කාර්යබාර රැසක් සිදු කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇති නමුත් මේ කාලයේ හැසිරෙන්නේ එකිනෙකා සමග විනෝද වෙමින් සුහද හමු පවත්වමින් පවත්වාගෙන යන ක්ලබ් එකක් ලෙස පමණි.‘ ලෙසිනි.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ආසන්න හේතුව බවට පත්ව ඇත්තේ පලස්තීනයේ නව ඉදිකිරීම් නැවතීම සම්බන්ධයෙන් එජා සංවිධානය ළඟදී ගෙන තිබුණ තීරණයක් බවද වාර්තා වේ.

එම ට්වීටර් ප්‍රකාශය පහතින්..