FAST NEWS

24×7 Around the Globe

දෙමළ ජනතාව අසරණ වූ හේතුව විජයකලා කියූ හැටි මෙන්න…

 

යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැන්නක් සිදු නොවන බව වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවැසීය.

ගිනි ගැනීමකින් විනාශයට ලක්වූ  කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළඳුන් හට නැවත පදිංචි කිරීමේ වන්දි පිරිනැමීම වෙනුවෙන් ඊයේ (28) සවස පැවති උත්සවයකදී ඇය මේ බව කියා සිටියාය.

එසේම දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මිය ගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් හා ප්‍රභාකරන්ගේ මියයෑමෙන් පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බවද ඇය සදහන් කලාය.

වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡන්දය ලබාදුන්නද එම ක්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසදෙන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.