FAST NEWS

24×7 Around the Globe

මුල් ඉනිම හා කුසල් ජනිත්,ධනංජය ගැන චන්දිමාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මුල් කඩුලු තුන ඉක්මනින් දැවීයාම නිසා ශ්‍රී ලංකා මුල් ඉනිමේ බලා‍පොරොත්තු පරිදි සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් පළමු ඉනිම අවසන් වු පසු ඊයේ (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමීන් පවසා තිබේ.

කිසි විටක ලකුණු ඉක්මනින් ලබාගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. කුසල් ජනිත් පෙරේරා අංක තුන පිතිකරු ලෙස සාමාන්‍යයෙන් ඉක්මන් ලකුණුවලට යනවා. එහෙත් ඔහු අවාසනාවන්ත ලෙස ඉක්මනින් දැවී ගියා. මෙම තණනිල්ල ඉතාමත් අමාරුයි පිතිකරණයේදී. අපි කරපු වැරදි නිසා සමහරු කඩුලු ඉක්මනින් ලබා දුන්නා. මේ තත්ත්වය තුළ ඉනිමේ බිඳවැටීමක් සිදුවුණා” යැයි දිනේෂ් චන්දිමාල් පැවසුවේය.

ඇත්තටම කුසල් ජනිත් අංක තුන පිතිකරු ලෙස යන නිසා කඩුලු රැකීමේ කාර්යය මට සිදුකිරීමට ලැබුණා. කඩුලු රකින නිසා මට පිතිකරණයේ ඉහළින් යෑමට අපහසුයි.කඩුලු රැකීමෙන් පසුව ඇතිවෙන තෙහෙට්ටුව නිසා පිතිකරණයේ මැදින් යන එක පහසුවක්. කොහොම වුණත් අපි නවකයන්ට අවකාශ ලබාදී තිබෙන්නේ.

ඔවුන් ප්‍රථම ඉනිමේ හරියාකාරව කාර්යය සිදුකළේ නැහැ. හැබැයි දෙවැනි ඉනිමේ ලකුණු අතරට ඒවි යැයි පැවසූ චන්දිමාල් ධනංජයද සිල්වා අංක 7 පිතිකරු ලෙස ඉතා හොඳ කාර්යයක් සිදුකිරීම කණ්ඩාමයට හොඳ ශක්තියක්.

ධනංජය කියන්නේ ආරම්භක පිතිකරුවෙක්. ඒත් අපිට නිත්‍ය ආරම්භක පිතිකරු යුගලයක් ලෙස කෞෂාල් හා දිමුත් ඉන්නවා. මේ නිසා ධනංජය මැද පෙළ පිතිකරුවෙක් ලෙස යොදා ගන්නවා” යැයි චන්දිමාල් පැවසීය.