FAST NEWS

24×7 Around the Globe

ආසියානු සරාගී පිරිමින්ගෙන් රිතීක් හා සල්මාන් හිමිකර ගත් තැන මෙන්න…

 

වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ආසියානු සරාගි පුද්ගලයන් අතරට ඉන්දීය බොලිවුඩ් සිනමාවේ තරු කිහිපයක්ම එක්ව තිබෙන බව සඳහන් වන අතර මෙහි මුල් තැන හිමිව ඇත්තේ පාකිස්තානු සම්භවයක් ඇති එහෙත්, දැනට එංගලන්තයේ පදිංචිව සිටින පොප් ගායක ‍සෙයින් මලික්ටය.

මෙහි දෙවැනි තැන බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන්ට හිමිව ඇති අතර තෙවැනි තැන බොලිවුඩ් සිනමා නළු පාකිස්තානයේ පවඩ් ඛාන්ටත්, තුන්වැනි තැන ඉන්දීය ගායක අශිෂ් ෂර්මාටත් හිමිව තිබේ.

පස්වැනි තැන සල්මාන්ට හිමිව තිබෙන අතර, හයවැනි තැන ඉන්දීය ටෙලි නාට්‍ය නළු බෲන් සෝභතිට හිමිව ඇති බවද වාර්තා වේ.

එසේම හත්වැනි තැන ෂාහිඩ් කපූර්ටද අටවැනි තැන ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන විවියන් දිසේනාටද හිමිව ඇති අතර නමය හා දහය ස්ථාන පිළිවෙළින් පාකිස්තානයේ අලී සෆර්ට හා බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට හිමිව තිබේ.