FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 432 ක් ඉදිරියෙන්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි  පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ තෙවැනි දිනට තරගය නිමාකරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 5 ක්‌ දැවී ලකුණු 351 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

එ අනුව ප්‍රථම ඉනිමේ ලකුණු 81 ක වාසියත් සමග දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 432 ක්‌ ඉදිරියෙන් පසුවේ.

දකුණූ අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 286 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 205 කට සීම කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඊයේ (28) දිනයේදී සමත් විය.

ලකුණු පුවරුව..