FAST NEWS

24×7 Around the Globe

ලොව වේගවත්ම සත්වයා පසුවන බරපතළ අවදානම මෙන්න…

 

චීටා (Cheetah)ගහණය ශීඝ්‍රයෙන් අඩුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම සත්ත්ව විශේෂය මිහිමතින් තුරන්ව යෑමේ බරපතළ අවදානමක් පවතින බව අධ්‍යනයකින් හෙළි වී තිබේ.

චීටාවන් ආහාර සොයා මිනිස් වාසභූමි කරා පැමිණීම හේතුවෙන් චීටා – මිනිස් ගැටුම උග්‍ර වී ඇති අතර ලොව වේගවත්ම ක්ෂීරපායී සත්වයන් වන චීටාවන් ලොව පුරාම ඉතිරිව සිටින්නේ 7,100 ක් පමණක් බවද වාර්තා වේ.

එබැවින් දැනට අවදානම් සහගත තත්වයක් ලෙසින් පවතින වර්ගීකරණය වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින යනුවෙන් වෙනස් කරන මෙන්ද පර්යේෂකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.