FAST NEWS

24×7 Around the Globe

ටින් මාලු ගන්නේ බලාගෙනයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් රතු එළියක්…

 

ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත් වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

තැළුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත් වී තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවැසීය.

මෙවැනි ආකාරයට සැමන් ටින් අලෙවි කරන්නන් පිළිබඳ හෝ සකස් කරන්නන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

මීට අමතරව මේ ආකාරයට සැමන් ටින් විකිණීමට පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද එම අධිකාරිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා තිබේ.