FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව තවත් 105 ක් පසුපසින් – ධනංජය ඉනිමේ බර කර ගනියි..

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය (27 වැනිදා)  අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් අත්හැරදමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 181 ක් රැස් කර ගැනීමට  සමත්ව සිටියේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා කඩුළු 03 ක් අතැතිව තවත් ලකුණු 105 ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නියැලෙන ධනංජයද සිල්වා පන්දු  69 ක් තුළ ලකුණු 43 ක් ලබා සිටියේය.

දකුණූ  අප්‍රිකාව වෙනුවෙන් වර්නන් පිලැන්ඩර් කඩුළු 03 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා ඉනිමට අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

අද (28) තරගෙය් ෙතවන දිනයයි.

ලකුණූ පුවරුව..