FAST NEWS

24×7 Around the Globe

කිසිදු රටක සිදු නොකල අමුතුම වෙනසක් අකිල ලංකාවේ පෙළ පොත් වලට කරන්න යයි…

 

කිලිටි වූ විටක මකා පිස දමා හෝ සෝදා අවුරුදු අටක් පමණ භාවිතා කල හැකි සින්තටික් පෙළ පොතක් හදුන්වාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සැලසුම් කර තිබේ.

පරිසර හානිය අවම කිරීමට සහ නාස්තිය අවම කිරීමට මෙම පෙළපොත් නිෂ්පාදනය මගින් බලාපොරොත්තු වන අතර නියමිත කාලයෙන් පසුව එම පොත් නිර්මාණය කල සමාගම විසින්ම ප්‍රතිචක්‍රීයකරනය කෙරෙනු ඇති බවද වාර්තා වේ.

ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම  නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ලෝකය පුරා පාසල් පෙල පොත් විද්‍යුත් පොත් බවට පෙරලීමේ ප්‍රවණතාවයක් ඇතත් ප්ලාස්ටික් පොත් කිරීමේ ව්‍යාපෘතියක් ලෝකයේ කිසිම රටකින් වාර්තා නොවන බවයි.

‘අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව පත් කල විශේෂඥ කමිටුවේ නිර්දේශය වූයේ පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම නිසි අධ්‍යනයකින් තොරව ප්ලාස්ටික් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. විශේෂයෙන්ම මෙවැනි පොත් තොගයක් ප්‍රතිචක්‍රිකරණය කිරීම දැවැන්ත ප්‍රශ්නයක්. දරුවන් දිනපතා ප්ලාස්ටික් පොත් පරිහරණයෙන් ඇති විය හැකි රෝග පිලිබඳ වෛද්‍ය අධ්‍යනයක් අවශ්‍යයි. නමුත් ඒ නිර්දේශ වලට පයින් ගහලා ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා. මේ වගේ අමන වැඩ කරන්න එපා කියලා අපි අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලනවා.’

යනුවෙන් මන්ත්‍රීවයා වැඩිදුරටත් පැවැසීය.