FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා පිතිකරුවෝ සුරංග ලක්මාල් හමුවේ 286 කට සීමා වෙති..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් දෙවැනි දිනය අදයි (27).

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනයේ පළමු භාගය තුළ ඉනිම ලකුණු 286 කට සීමා කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ  සමත් විය.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු සුරංග ලක්මාල් ලකුණු 63 කට කඩුළු 05 ක් බිඳ හෙළීමට සමත් විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසඳු කඩුල්ලක් නොදැවී ලකුණු 06 ලබා ගෙන සිටියේය.