FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිළ පරාජය අභියස – පාකිස්තාන පිතිකරුවෝ අණසක පතුරුවති.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අද (07) අවසන් දිනයයි.

දිවා අහාරය සඳහා තරඟය අත්හිටුවන විට ලකුණු 376ක ඉලක්කයක් කරා යන පකිස්තාන පිළ කඩුලු 3කට ලකුණු 321ක්  රැස්කරගෙන සිටියි.

පකිස්තාන ජයග්‍රහණය සඳහා අවශය තවත් කඩුලු 7ක් අතැතිව ලකුණු 56ක් පමණි.

ලකුණු පුවරුව

pppppp

++++++++++++++++++++++++++++(updaete)

තෙවන ටෙස්ට් තරඟය යළි නතු කරගන්න උපක්‍රම.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අද (07) අවසන් දිනයයි.

ඊයේ (06) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 230 ක් රැස්කර ගෙන සිටියා.

ෂාන් මසූඞ් නොදැවි ලකුණු 114 ක් ලබා සිටි අතර යුනිස් ඛාන් නොදැවි ලකුණු 101 ක් රැස්කර සිටියා. පාකිස්තානුවන් දෙවැනි ඉනිමේ දී හඹා යන්නේ ලකුණු 377 ක ඉලක්කයක්. ඒ අනුව කඩුළු 08 ක් අතැතිව සිටින පාකිස්තානුවන්ට අද (07) දිනයේ අවශ්‍ය වන්නේ තවත් ලකුණු 147 ක් පමණයි.

මේ අතර ඊයේ (06) දිනය අවසන් වීමෙන් පසු පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ අද (07) උදෑසන නව පන්දුව භාවිත කරමින් පාකිස්තාන කණ්ඩායමේ කඩුළු කිහිපයක් දවා ගෙන යළි තරගයට අවතීර්ණ වීමට උත්සහ කරන බවයි.