සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය අඅද (26) මෙරට වේලාවෙන් දහවල් 1.30 ට පෝට් එළිසබෙත් නුවර, ශාන්ත ජෝජ් උද්‍යාන කී‍්‍රඩාංගණයේ ආරම්භ වීමට නියමීත වේ.
දකුණු අපි‍්‍රකාවේ සෙසු කී‍්‍රඩාංගණ හා සංසන්දනය කරද්දී ශාන්ත ජෝර්ජ් උද්‍යාන කී‍්‍රඩාංගණයේ තණතීරුව බෙහෙවින් මන්දගාමී එකක් බව පැවසේ එසේම එහිදී දකුණු අපි‍්‍රකානුවන් සතුව ඇත්තේද එතරම් සැලකිය හැකි වාර්තාවක් නොවේ.
1992 දී අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට නැවතත් පිවිසීමෙන් පසුව මෙම කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරග 14 න් 6 ක් පමණක් ජයගත් දකුණු අපි‍්‍රකානුවෝ 4 ක් පරාජයට පත්ව ඇත ඉතිරි 4 ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.
එවන් තත්ත්වයක් තිබියදී වේග පන්දු යවන්නන් තිදෙනකු සමග තරගයට යා යුතු බව ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ අදහස වි ඇති බව වාර්තා වේ.
එ අනුව දග පන්දු යවන්නන් දෙදෙනකු කී‍්‍රඩා කළහොත් වේග පන්දු යවන්නන් තිදෙනාත් සමගින් පන්දු යවන්නන් 5 දෙනකු යොදා ගැනීමට සිදුවන හෙයින් කණ්ඩායමට පිතිකරුවන් ප‍්‍රමාණවත් නොවන බවද එම කමීටුවේ අදහස වී ඇත.
එසේ සිදුවුවහොත් ශ්‍රී ලංක කණ්ඩායමේ ජෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පමණක් දඟ පන්දු යන්නෙකු ලෙස කණ්ඩායමට එක් වීමට ඉඩ ඇති බවද පැවසේ.
”පිතිකරුවා කොයිතරම් ආක‍්‍රමණශීලියෙක් වුණත් කමක් නෑ, ටෙස්ට් තරගයකදී ඒ දේ දිගින් දිගටම කරගෙන යන්න ඔහුට අසීරුයි. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී පන්දු යවන්නකුට ලැබෙන අවස්ථා වැඩියි. මෙතැනදී පන්දු යවන්නකුට කඩුලූ දවාගැනීමේ වැඩි ඉඩක් ලැබෙනවා” යැයි තරගයට ප්‍රථමයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පැවසීය.
”මේ වගේ වෙලාවකදි පන්දු යවන්නා ටිකක් බුද්ධිමත් වෙන්නත් ඕනෑ. එකිනෙකට වෙනස් පන්දු කිහිපයක් යැවීම ඉතාමත් වැදගත්,පන්දුව පතිත කරන රේඛාව වගේම දුර ප‍්‍රමාණය වෙනස් කිරීමත්, පන්දු යවන්නාගේ සීමාව භාවිතා කිරීම වගේම පන්දුව නිදහස් කරන කෝණයත් ඉතාමත් වැදගත්. මේ සියලූ දේ කරන්නේ පිතිකරුවාගේ මනසට අභියෝග කරන්නයි. වඩාත් වැදගත් වෙන්නේ තණතීරුවේ ස්වභාවය තමන්ට හරියන තුරු ඉවසීමෙන් සිටීමයි”යැයිද රංගන හේරත් පෝට් එළිසබෙත් නුවරදී පැවසීය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ඇන්ජලෝ මැතිව්ස්-නායක, දිනේෂ් චන්දිමාල්-උපනායක, දිමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, විකුම් සංජය.
දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් සංචිතය
ෆප් ඩුප්ලෙසිස්-නායක, හෂීම් අම්ලා, ජේ.පී. ඩුමිනි, කුවින්ටන් ද කොක්, ඩීන් එල්ගා, තෙම්බා බවුවා, ස්ටෙෆාන් කුක්, තෙව්නිග් ද බ්‍රවුන්, කයිල් ඇබොට්, වේන් පානෙල්, වර්නන් ෆිලෙන්ඩර්, කගිසො රබාඩා, කේෂාව් මහාරාජ්