FAST NEWS

24×7 Around the Globe

ෆේස් බුක්, ට්විටර්, ගූගල් මාධ්‍ය ජාල වලට නඩු – ‘ඔමාර් මැටින්’ හේතුවන හැටි මෙන්න…

 

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඕලැන්ඩෝ හි රාත්‍රී සමාජ ශාලාවකට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය තරුණයින් තිදෙනෙකුගේ දෙමව්පියන් විසින් ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයට හා ට්විටර් හා ගූගල් මාධ්‍ය ජාලයන්ට නඩු පවරා තිබේ.

එසේ නඩු පවරා ඇත්තේ මෙබඳු සිදුවීම්වලට මග පාදමින් අයි.එස්. සංවිධානයට අවශ්‍ය “පහසුකම්” සපයන බව කියමිනි.

මෙම සිදුවීමේ ඝාතකයා වන ඔමාර් මැටින් තම ජාතිවාදී අදහස් සඳහා උපදෙස් හා පහසුකම් සපයාගත්තේ සමාජ මාධ්‍ය ජාලාවලින් බව නඩුව පවරා ඇති අයගේ තර්කයයි.

සමලිංගිකයින් සඳහා වෙන්වූ මෙම සමාජ ශාලාවේ වෙඩි තැබිමෙන් පනස් දෙනෙකු මියගොස් තවත් පනස් තුන්දෙනෙකු තුවාල ලැබූ  සිදුවීමේ වගකීම අයි.එස්. සංවිධානය භාරගත් අතර ඇමෙරිකානු ඉතිහාසයේ එකම ස්ථානයක වැඩිම පිරිසක් ඝාතනයට ලක්වූ පළමු අවස්ථාව මෙය වේ.

විසිනව හැවිරිදි මුස්ලිම් ඇමෙරිකානු ජාතිකයෙකු වූ මැටින් සමාජ ශාලාව වැසීමට සූදානම් වන මොහොතේ එක්වරම කඩා පැන මෙම වෙඩි ප්‍රහාරය එල්ලකළ අතර පසුව ‍පොලීසිය කළ වෙඩි තැබිමේදී මොහුද ජීවිතක්ෂයට පත්විය.