FAST NEWS

24×7 Around the Globe

රත්නසිරිගේ ලෙඩ ඇදේ ඡායාරූප මාධ්‍යයෙන් නිකුත් කිරීම ගැන විදුර කල ප්‍රකාශය මෙන්න… (ඡායාරූප)

 

රෝහල්ගතව සිටින හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාට සුවය ලබා දින කිහිපයක් රෝහලෙන් නික්ම යෑමට හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබියදී හිටපු අගමැතිවරයාගේ ඡායාරූප මාධ්‍යට මුදාහැර පළ කිරීමෙන් තමන් ඇතුළු පවුලේ අයත්, එතුමාගේ හිතවතුන් දැඩි මානසික අපහසුතාවකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක පැවැසීය.

විවිධ තරාතිරමේ අය එතුමන්ව බැලීමට රෝහලට පැමිණි බවත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා එතුමා බැලීමට ගොස් ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමෙන් පසු එතුමන්ට ආදරය කරන විශාල පිරිසක් තොරතුරු විමසීමට පටන් ගැනීම නිසා තමාත් තම පවුලේ අයත් මහත් අපහසුතාවට පත්වූ බවද වික්‍රමනායක මහතා ප්‍රකාශ කලේය.

එය අප කාගේත් සිත් රිදවන ක්‍රියාවක් බව සඳහන් කළ විදුර වික්‍රමනායක මහතා රෝගීව සිටින අයකු කිසිදු අවසරයකින් තොරව ඡායාරූප ගැනීමත් ඒවා මාධ්‍යට නිකුත් කිරීමත් සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේය.

මාධ්‍යට නිකුත් කර තිබූ එම ඡායාරූප පහතින්..