FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් ආගමිකයන් 4දෙනෙකුට සීමා වූ බෙල්ජියමේ නගරයක නත්තල් ගවලෙන තහනම් වූයේ ඇයි…?

 

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට සැතපුම් 20ක් ඈත පිහිටි හෝල්ස්බීක් නගරයේ වාර්ෂික ප්‍රදර්ශණය වන නත්තල් ගවලෙන මෙවර ප්‍රදර්ශණය කිරීම තහනම් කරන ලදි.

ඊට හේතු වී ඇත්තේ හම නත්තල් ගවලෙන ප්‍රදර්ශණය කිරීමෙන් මුස්ලිම් ජනතාවට අවමන් වන බවට ප්‍රකාශ වීමය.

එහෙත් නගර වැසියෝ මෙම තහනමට විරෝධය දක්වා ඇති අතර මෙම නගරයේ මුස්ලිම් ජාතිකයින් ජීවත් වන්නේද සිව්දෙනෙකු පමණක් වන නිසා ගවලෙන ප්‍රදර්ශණය නොකරන ලෙස ඔවුන් ඉල්ලා නොමැත.

මේ සම්බන්ධයෙන් බෙල්ජියමේ රාජ්‍ය ලේකම් සිය දැඩි විරෝධයද දක්වා අැත.

”අපේ පාරම්පරික චාරිත්‍ර ඉවත් කිරීමට සමහරුන්ට අවශ්‍ය වී තිබෙනවා. මා ඊට විරෝධය දක්වනවා” යැයි ඔහු පැවැසීය.