ඉන්දියාවේ සිට ගෙන්වන ලද බුදුරුවට නිගාවන අයුරින් මුද්‍රණය කර තිබූ ඒප්‍රන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සහ අත්වැසුම් 4000කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ(22) කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගු භාරයට ගනු ලැබීය.
එසේ බුදුරුවට නිගාවන ලෙස කුණු පිස දැමීම හා කුණු අතුපතුගෑම සඳහා භාවිත වන උපාංග වලට බුදුරුව එක්කර තිබූ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද බුදුරුව සහිත මෙම භාණ්ඩ තොග තූත්තුකුඩියේ සිට කොළඹ වරාය හරහා
ස්ලෝවැකියාවට යැවීමට කටයතු යොදා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා පැවැසීය.
සෙන්ට් ජෝන් ආර්ක් නෞකාවෙන් නොවැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට ලැබුණු බහාලුමක මෙම බුදුරුව සහිත භාණ්ඩ තොගය තිබි ඇති බව මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදන ආයතනයට එරෙහිව කටයුතු කරන ලෙසට ඉන්දීය රේගුවට දන්වා ඇති බවත් හා වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අපනයන අංශය මගින් සිදුකරන බවද වාර්තා වේ.
ඡායාරූප පහතින්..











