FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට ලැබෙන්න යන රන් ආලේපිත, විදුලි සැර වදින මෝටර් රථය මෙන්න… (ඡායාරූප)

 

ඇමරිකානු ජනාධිපති ලෙස තේරි පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හට නව මෝටර් රථයක් නිර්මාණය කර දීමට Dartz Motorz ආයතනය තීරණය කර තිබේ.

Mercedes-Benz GL වර්ගයේ මෝටර් රථයකට විශේෂ වෙනස්කම් සිදුකරමින් මෙය නිර්මාණය වන අතර රන් ආලේපිතව නිෂ්පාදනය වන මෙය military-style SUV එකක් බව සඳහන්ය.

එසේම මෙම රථයේ දොරවල් අනවසරයෙන් විවෘත කිරීමට උත්සාහ කළහොත් විදුලි සැර වැදෙන ආකාරයට නිර්මාණය කිරීමට ඔවුන් සැරසෙන අතර ඕනෑම හදිසි අවස්ථාවකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය වන මෙය දැනට අමරිකානු ජනාධිපතිව සිටින බැරක් ඔබාමා සතු සුපිරි මෝටර් රථය වෙනුවට ගෙන ඒමට නියමිත එකක් බවද වාර්තා වේ.

ඉදිරියේ දී නිර්මාණය වීමට නියමිත මෝටර් රථයේ අනුරුවක් පහතින්..

Image result for trump new vehicle