FAST NEWS

24×7 Around the Globe

මැති ඇමතිවරු හෙලිකොප්ටර වලිනුත් පාර්ලිමේන්තුවට – රන්ජන් නම් හෙළි කල හැටි මෙන්න…

 

අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ හෙලිකොප්ටර වලින් යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පුවත්පතක් හා අදහස් පලකරමින් පෙන්වා දී තිබේ.

එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක මහතා පැවැසීය.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් සුඛෝපභෝගි වාහන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හර්ෂ ද සිල්වා, පාලිත තෙවරප්පෙරුම හා තමන් පමණක් බවද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කල බවද සදහන් කලේය.