FAST NEWS

24×7 Around the Globe

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද සමග මාතලෙන්?

 

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු වෙළෙඳ ඇමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටම මහ මැතිවරණ ඡන්ද සටන අරඹා ඇත.

මේ වන විටත් ඔවුන් පොස්ටර් සෑමතැනම අලවා ඇති බව පෙනෙන්නට ඇත.

ගම්පහ ද අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන, හර්ෂණ රාජකරුණා, පණ්ඩු බණ්ඩාරනායක යන හිටපු මන්ත්‍රීවරුන්ගේ පෝස්ටර් අලවා ඇත.

‘මම සූදානම්‘ යැයි සඳහන් හිටපු ජනපතිගේ රුව සහිත පෝස්ටරයක් රට වටා සෑම තැනම අලවා තිබේ.

නාමයෝජනා දෙන තෙක් පෝස්ටර ඇලවිය හැකි වුවත් නාමයෝජනාවලින් පසු පෝස්ටර ඇලවීම මැතිවරණ නීතිය අනුව තහනම් ය.

රොෂාන් රණසිංහ පොළොන්නරුවට ද, යුද විරුවකු වන ශවේන්ද්‍ර සිල්වා මාතලේට ද තරඟ කරන්නට යන බව වාර්තා වේ.

රොෂාන් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකි. හොඳ සල්ලිකාරයෙකි. ඔහුට නාමයෝජනා නොදෙන බව නව රජයේ ප්‍රභලයකු කළින් කියා තිබිණි.

ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන් එනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.