FAST NEWS

24×7 Around the Globe

රෝහණගේ ද්වේශ සහගත ජ්‍යෙතිර්වේදී ප්‍රකාශයේ නොපෙනෙන ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන බෝපගේ හෙළි කරයි… (වීඩියෝ)

 

ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යැයි ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි විසින් කරන ලද ප‍්‍රකාශය ජනපති ඝාතන කුමන්ත‍්‍රණ සැලසුමක කොටසක් යයි පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

විජිත් රෝහන විසින් කරන ලද ප‍්‍රකාශයන් සමබන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැන්වූ බවද ඔහු පැවසීය.

තමන්ටද ජ්‍යෙතිර් විද්‍යාව සම්බන්දයෙන් අවබෝධයක් ඇතැයිද කී ඔහු තමන් දන්නා සාස්ත‍්‍රය අනුව ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මිය යන්නේ නැතැයිද වැඩි දුරටත් සදහන් කලේය.

වීඩියෝව පහතින්..