හැට හයවැනි වරට මෙවර පැවැත්වූ ලෝක රූ රැජින තෝරා පත්කිරීමේ තරගාවලියේ ජය පෝර්ටෝරිකෝ රාජ්‍යය නියෝජනය කළ ස්ටෙෆ්නි ඩෙල් වැලේ විසින් දිනාගනු ලැබුවාය.
මෙවර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හි ඔක්ඕන් හිල්හී වරාය භූමියේ පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 1000කට අධික ප්‍රමාණයකින් රූප රාජිනියෝ සහභාගී වී සිටියහ.
2015 ලෝක රූ රැජින ලෙස කිරුළ දැරූ ස්පාඤ්ඤයේ මිරේයිලා ලලඟුනා විසින් අභිෂේක ගැන් වූ නව ලෝක රූ රැජින 19 හැවිරිදි ළාබාල යුවතියකි.
මෙහි දෙවන ස්ථානය ඩොමිනිකානු ජනරජයේ රූ රැජිනියක වූ යරිට්සා මිගුඑලීනා හටත්, තෙවන ස්ථානය ඉන්දුනීසියානු රූ රැජිනිය වූ නතාෂා මැනුම්ලා හටත් හිමි විය.
ඡායාරූප පහතින්..


















