FAST NEWS

24×7 Around the Globe

නවක ක්‍රීඩක ළහිරුගෙන් විශිෂ්ට පන්දු යැවීමක් – අප්‍රිකානුවෝ 88 ක් පසුපසින්…

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ  දෙවන දිනය අවසන (19) දකුණු අප්‍රිකානු ආරාධිත පිළ සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 285ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 373ක් රැස් කර ගැනීමට සමත් විය.

එ අනුව අප්‍රිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු කඩුළු 02 ක් අතැතිව තවත් ලකුණු 88 ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කෞශ්‍යාල් සිල්වා ලකුණු 80ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 71ක් ද ලබා ගත් අතර, ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස් කර ගැනීමට සමත් වුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම  වෙනුවෙන් මද වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ලකුණු 36 ක් ලබා දී කඩුළු 03 ක් ලබා ගැනීමට සමත්ව සිටියි.

අද තරගයේ අවසන් දිනයයි.

ලකුණු පුවරුව..