FAST NEWS

24×7 Around the Globe

සෞදි කතුන් විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන විදේශිකයන්ට අනිවාර්ය වෙන දේ…

 

සෞදි කාන්තාවක් විවාහ කර ගැනීමේ අපෙක්ෂාවෙන් පසුවන විදේශකයින් එම විවාහය සිදුවීමට පෙර අනිවාර්යයෙන්ම  වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට යෝජනාවක් සෞදි රජයේ ඉහළ මට්ටමේ බලධාරීන් විසින්  ඉදිරිපත් කර තිබේ.

දිනෙන් දින එරට ඉහළ යන පවුල් ප්‍රශ්න හා දික්කසාද වීම් අවම කිරීමේ රජයේ වැඩපිලිවෙළ යටතේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෞදි කාන්තාවන් සමග විවාහවීමේ අපේක්ෂාවෙන් සිටින එම සියලුම විදේශකයින්ට මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් ඇතුළු වෛද්‍ය පරික්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත් ,මනමාලිය සහ මනමාලයා යන දෙදෙනාම එම පරීක්ෂාව කළ යුතු බවද ඔවූහු පවසන ලදි.

එම සියලු පරීක්ෂණ එරට රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රෝහල් හි වෛද්‍ය සායන හරහා එම පරීක්ෂාවන් සිදු කළ යුතු බවද එම යෝජනාවෙන් ඉදිරිපත් වී තිබේ.

මෙලෙස වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමේ සෞදි රජයේ යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ කඩාකප්පල් වූ විවාහක පවුල් කිහිපයක ඥාතීන් විසින් රජයට කළ ඉල්ලීම් සලකා බලමිනි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාව ඒවායින් මුදවාලීමටත් ,පවුල් කඩාකප්පල් කිරීම හා දික්කසාද වීම් හි අඩුවක්, සෞදි රජයේ බලාධාරීන් ගත් මෙම තීරණයෙන් සිදු වනු ඇතැයි පැවසේ.