FAST NEWS

24×7 Around the Globe

විවාහ උත්සවය පුද්ගලික කරගත් පූජා හොරෙන්ම බැඳලා රට ගිය හැටී… (ඡායාරූප)

 

ජනප්‍රිය සිනමා නිළි පූජා උමාශංකර්ගේ විවාහය පිළිබඳ විවිධ කටකතා පසුගිය දිනවල පැතිර ගිය අතර මේ වනවිට එම කතාවේ සැබෑව අප වෙත ආරංචි වී තිබේ.

35 හැවිරිදි පූජා 2014 වසරේදී දීපක් ෂන්මුගනාදන් නමැති නිරූපණ ශිල්පියෙකු හා විවාහ ගිවිසගත් අතර ඇයගේ හා ඔහුගේ අදහස් නොගැළපුණා යැයි පවසමින් මාස කිහිපයකට පසුව එම විවාහය අතහැර දමන ලදි.

එම විවාහය ගැන ඇය එකල මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාගැනීමෙන් පසු අනපේක්ෂිත අත්හැරීම නිසා ඇයට ඇතැම් තැන්වල කටඋත්තර නැති විය.

මේ හේතුව නිසා ඇයගේ ඊළඟ විවාහයට වැඩි ප්‍රසිද්ධියක් නොදී පුද්ගලික උත්සවයක් ලෙස පවත්වන්නට ඇය තීරණය කර තිබුණි.

ඒ අනුව ඊයේ 18 වනදා කොළඹ වැල්ලවත්තේ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ දෙමළ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඇගේ විවාහ උත්සවය රහසිගතවම පැවැත්වුන අතර එම විවාහය සිදුවූයේ ප්‍රශාන්ත් නමැති ව්‍යාපාරිකයෙකු සමගය.

ඔහු තේ වෙළෙඳාම සම්බන්ධ ප්‍රසිද්ධියක් උසුලන බව හා ඉන්දියානු දෙමළ සම්භවයකින් පැවතෙන්නෙකු බවට ආරංචි තිබේ. (පූජාගේ මව සිංහල මුත් පියා ඉන්දියානු දෙමළය.)

මෙම විවාහ උත්සවයෙන් පසුව ඇය රාත්‍රියේම මධුසමය සඳහා විදෙස්ගතව ඇති අතර සියලුම කලා හිතවතුන් හා රසිකයින්ගෙන් වසන් කර සිදුවූ මෙම විවාහයෙන් පසුව ඇය කියා ඇත්තේ ‘මං ලංකාවට ආවම වැඩි විස්තර කියන්නම්කො‘ ලෙසිනි.

ඡායාරූප පහතින්..

20161219Pooja-1

20161219Pooja-2

20161219Pooja-3

20161219Pooja-4

20161219Pooja-5

20161219Pooja-7

20161219Pooja-8

20161219Pooja-9

20161219Pooja-10

20161219Pooja-11

20161219Pooja-12

20161219Pooja-13