FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන සිනමාහල් තුළින් බොලිවුඩ් තහනම ඉවතට..

පකිස්ථානය තුළ ඉන්දීය බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ තහනම අවසන් කිරීමට පකිස්ථාන ප්‍රධාන පෙළේ සිනමාහල් එකඟතාව පළකර
ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව අද (19) දිනයේ සිට ඉන්දීය චිත්‍රපට සිනමාහල් තුළ ප්‍රදර්ශනය යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය චිත්‍රපට සම්පාදකයින් විසින් බොලිවුඩ් චිත්‍රපට වැඩ කටයුතු පකිස්ථාන නළු නිළියන්ට තහනම් කිරීමත් සමඟ පකිස්ථානය විසින්ද එරට තුළ ඉන්දීය චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් කරනු ලැබීය.