FAST NEWS

24×7 Around the Globe

චිත්‍රපට ප්‍රචාරණයේ වාසියට පූජා බොරු කටකතා පතුරන හැටී…

 

ප්‍රකට සිනමා නිළි පූජා උමශංකර් මේ දිනවල රඟපාන චිත්‍රපටයක ප්‍රචාරණ අවශ්‍යතාව පිණිස ඇය විවාහ දිවියට පිවිසි බවට කටකතාවක් පතුරා ඇති බව වාර්තා වේ.

ඇය ව්‍යාපාරිකයෙකු සමග ගල්කිස්සේදී අද (17) විවාහ වූ බවට කරන ලද එම පුවත මගින් ඇය කෙරෙහි අවධානය දිනාගැනීමත් එම අවධානයේ වාසිය චිත්‍රපටයේ ප්‍රචාරණයට වාසි පිණිස යොදාගැනීමත් මෙම ව්‍යාජ පුවතෙහි අරමුණයි.

මින් දින කිහිපයකට ඉහත ඇයගේ ෆේස් බුක් ගිණුමේ ඇය මියගිය බවට සටහනක් වැටුණ බවටද මේ ආකාරයටම ප්‍රචාරයක් දියත් කර පසුව එය යාළුවො කරපු ‘විහිළුවක්‘ ලෙස ඇය විසින්ම අර්ථ දක්වා තිබුණි.

පූජා 2014දී දීපක් ෂම්මුගම් නමැති මෝස්තර නිරූපණ ශිල්පියෙකු හා පෙම් සබඳතාවයක් පවත්වා විවාහ ගිවිසගත් නමුත් අදහස් නොගැළපුනි යන්න දක්වා එය මාස කිහිපයකින් අතහැර දමා තවම තනිකඩව සිටින්නියකි.