FAST NEWS

24×7 Around the Globe

ලංකාව sex වලට පමණක් සීමා නොවී ජාත්‍යන්තරය අභිබවා අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හරහා ඉදිරියට…

 

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex යන වචනය සෙවීමෙන් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව තිබෙන බව පසුගිය සතියේදී බොහෝ දෙනෙනෙකු අවධානය යොමු කළ පුවතක්  බවට පත්විය.

කෙසේ වෙතත් එහි නොදකින පැත්තක්ද මේ වන විට හෙළි වෙමින් තාක්ෂණික සෙවුම් හරහා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව Nano Technology, Open Source, Web Hosting, Internet Money, Arduino  යන වචනද ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩියෙන්ම සොයා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වන අතර මේ සියල්ලම තොරතුරු තාක්ෂණය හා බැඳී පවතිත වචන වෙයි.

එසේම ගූගල් සෙවුම් යන්ත්‍රයේ English යන වචනය හා Nasa ආයතනය පිළිබඳව ලෝකයේ පස්වැනි ස්ථානයෙන් උනන්දුවී ඇති රට වන්නේද ශ්‍රී ලංකාවයි.

තවද Mobile Phones යන්න දෙවැනියට වැඩි වශයෙන් සොයා ඇති රට වන්නේද ශ්‍රී ලංකාවයි.

Arduino යනු පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබඳ සමගමක් වන අතර ඒ පිළිබඳව ලෝකයේ වැඩියෙන්ම උනන්දුවි ඇත්තේද ශ්‍රී ලංකාවයි.