FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ හදිසියේ දුටු ඡායාරූපයකින් ජනපතිගේ පැරණි මතකය අලුත් වුන හැටී… (ඡායාරූප)

 

මැලේසියාවේ නිළ සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට නිවසකදී දුටු ඡායාරූපයක් හේතුවෙන් පැරණි මතකයන් අලුත් වී ඇති බව වාර්තා වේ.

මැලේසියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ඊබ‍්‍රහිම් අන්සාර්ගේ නිවසේදී මෙම පැරණි ඡායාරූපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැක ඇති අතර එම ඡායාරූපය 2009 වසරේ ලබාගෙන ඇත්තේ ඊබ‍්‍රහිම් අන්සාර් ඊජිප්තුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කාලයේදීය.

මෙම ඡායාරූපය පෙන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමා 2009 වසරේද මේ ආකාරයෙන් ඇඳ පැළඳ සිටි අයෙක් බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා මේ ආකාරයෙන් ඇඳ පැළඳ දේශපාලන වේදිකාවට ගොඩවීම මහත් ආන්දෝළනාත්මක සිද්ධියක් වූ බවත් එය පළමු වරට සිදු වූයේ එදා නොවන බවද හෙතෙම පෙන්වා දී තිබේ.

ඡායාරූප පහතින්..

amma-www-nethnews-lk001

amma-www-nethnews-lk002

amma-www-nethnews-lk003

amma-www-nethnews-lk004

amma-www-nethnews-lk005

amma-www-nethnews-lk006