ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්ත සංචාරයකට එක්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයෙන් ලැබුණු ආරාධනාවකට අනුව යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම හා යොවුන් ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා පාකිස්තානයට යැවීමට සූදානමින් සිටින බව සඳහන් වන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පාකිස්තානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කර ඇත.
නමුත් ඒ සඳහා තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යැවීමට කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්තප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට් ක්‍රීඩා කරන කිසිදු රටක් පාකිස්තානයේ තරග සංචාරයකට එක්නොවු අතර පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන තරග මැදපෙරදිගදී පැවැත්වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා ඇත්තේ ජාතික කණ්ඩායම පාකිස්තානයට යැවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, පාකිස්තානයට උපකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන් සූදානම්ව සිටින බවත්ය.
ජාතික කණ්ඩායම පාකිස්තානයට කැඳවා ගැනීම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් සිදුකර ඇති බවද ලේකම්වරයා තහවුරු කර තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.