ලබන 26 වැනිදා ආරම්භ වන බොක්සිං ටෙස්ට් තරගයට පෙර ඇති දින 12 ක කාලයේදී වෙහෙස මහන්සි වී වැඩ කරමින් උපරිමයට සිය කණ්ඩායම පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව දකුණු අප්‍රිකාවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර සිටියේය.
“මගෙත් ආබාධය දැන් සියයට සියයක් සුවයි. මම දැන් හොඳින් කණ්ඩායමට උරිපමය ලබා දෙන්න සූදානම්. මගේ කණ්ඩායම දැන් ජයග්‍රහණය කරන තත්ත්වයකට පත්වෙලා. පසුගිය අවුරුදු තුන හතරේදී අපේ කණ්ඩායමේ බොහෝ විට වෙනස්කම් එකක් හෝ දෙකක් විතරයි වුණේ. නමුත් දැන් විසි දෙනෙක් පමණ අපිට ඉන්නවා. ඒ අය ඉතාමත් හොඳ තත්ත්වයේ ඉන්නේ.” යෑයි මැතිව්ස් වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේදී ආබාධයකට ලක්වීමෙන් මාස හතරකට පසු ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන පළමු තරගාවලියද මෙය වේ.
“ආබාධ කියන ඒවා ඕනෑ වෙලාවක එන්න පුළුවන්. පසුගිය අවුරුදු හතරේදී මම ගොඩක් ක්‍රිකට් තරග ක්‍රීඩා කරල තියෙනවා. නමුත් මේ අවුරුද්දේදී කලවයේ අමාරුව සහ සහ වළලලු කර ආබාධය හේතුවෙන් වැඩිය පන්දු යවන්න වුණේ නැහැ. නමුත් දැන් මා ගැන සියයට සියයක් විශ්වාසය තියෙනවා. කොළඹදී අපේ වේග පන්දු පුහුණුකරුවන් වන චමින්ද වාස් සහ චම්පක රාමනායක එක්ක එකතු වෙලා වසීම් අක්රම් සමගත් පුහුණූ කඳවුරකට සහභාගි වුණා. එතනදිත් ගොඩක් දේ දැන ගත්තා.” යෑයි මැතිව්ස් තවදුරටත් පවසයි.
දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා සංයුතිය ගැන මැතිව්ස් බොහෝ සතුටට පත්ව තිබේ, “අපිට හොඳ වේග පන්දු යවන්නන් පස් දෙනෙක් ඉන්වා. දුෂ්මන්ත චමීරත් එකතුවීම වේග පන්දු අංශය තවත් ශක්තිමත් කරවන්නක්. ඒ වගේම හොඳම දග පන්දු යවන්නන් දෙදෙනෙක් ඉන්නවා. පිතිකරුවන් ඉතුරු ටික බලා ගනිවී.”
උප මහද්වීපයේදී පන්දු ගුවනේ පා කරමින් දෝලනය කිරීමට තමා උත්සහ කරන බවත් එංගලන්ත, ඔස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකානු තණතීරුවලදී තවත් යමක් කිරීමට හැකි බවත් ශ්‍රී ලංකා නායකයා විශ්වාස කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 26 වැනිදා බොක්සිං දිනයේදී පළමු ටෙස්ට් තරගයට සහභාගි වන අතර ඊට පෙර ලබන 18 වැනිදා තෙදින පුහුණු තරගයකට සහභාගි වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.