FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා තරගාවලියට අප්‍රිකානු සංචිතය නම් කෙරේ – එ.බී ඇතුළු ප්‍රවීණයෝ 03ක් ඉවතට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමීත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට ෆප් ඩු ප්ලෙසිස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින්  13 දෙනෙකුගෙන් යුත් සංචිතයක්  දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද (14) නිළ වශයෙන් නිවේදනය කලේය.

එ අනුව අබාධයන්ට ලක්ව සිටින හිටපු ටෙස්ට් ක්‍රීකට් නායක එ.බී ඩිවිලියර්ස්, වේග පන්දු යවන ක්‍රීඩකයන් වන ඩේල් ස්ටෙයින් හා මොර්නි මොකල් මෙම සංචිතයට ඇතුළත් කර නොමැත.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට 30වනදා තෙක් පැවැත්වමීට නියමීත අතර දෙවැනි තරගය ජනවාරි  02 වැනිදා සිට 06 වැනිදා තෙක් පැවැත්වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම් සංචිතය –
ෆප් ඩු ප්ලෙසිස් (නායක), කයිල් ඇබොට්, හෂිම් අම්ලා, ටේමබා බවුමා, ස්ටෙපාන් කුක්,දියුනිස් ඩී බ්‍රයන්, කුවින්ටන් ඩී කුක්, ජේපී ඩුමීනි, ඩේන් ඇල්ජර්, කෙෂව් මහාරාජ්, වොයන් පර්නීල්, වර්නන් පිලැන්ඩර්, කගිසෝ රාබඩා