FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතානයේ හිටපු අගමැති කැමරන්ට පවුම් 26,000 ක විශ්‍රාම වැටුපක්…

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ගේ වසරක විශ්‍රාම වැටුප ස්‌ටර්ලින් පවුම් 26,000 ක්‌ බව හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ හැර කාර්යාලයක්‌ සහ ආරක්‌ෂක කටයුතු පවත්වාගෙන යැම සඳහා ඔහුට වසරකට ස්‌ටර්ලින් පවුම් 115,000 ක දීමනාවක්‌ද හිමීව ඇති බව සඳහන් වෙයි.

මේ අතර සිය ජීවන චරිතය ඇතුළත් ග්‍රන්ථයක්‌ ප්‍රකාශය පත්කිරීම සඳහා කැමරන්ට ප්‍රකාශන සමාගමක්‌ විසින් ස්‌ටර්ලින් පවුම් මිලියන හතරක මුදලක්‌ දීමට එකඟවී ඇති බවද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.