FAST NEWS

24×7 Around the Globe

”ටොප් ටෙන්” 04 වෙනි ඇමති මහින්දානන්දගෙන් පින්සෙන්ඩු වී සිදු කරන ඉල්ලීම මෙන්න…

 

කිසිම වංචාවකට හෝ දුෂණයකට තමන් සම්බන්ධ නැති බැවින් තමාගේ නම ‘යහපාලන ටොප් ටෙන් – හොරු’ ලැයිස්තුවට ඇතුලත් නොකරන්නැයි ඉල්ලමින් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මේ දිනවල දිගින් දිගටම දුරකනත ඇමතුම් ලබාදෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත්කරන ‘යහපාලන ටොප් ටෙන් -හොරු’ ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යැයිද වාර්තා වෙයි.

අර්ජුන්ට හා තිරුට අධිවේග මාර්ග ටෙන්ඩර් ලබාදෙන ලෙස තමන්ට බලපෑම් කලේ ඉහලම දේශපාලනඥයකු විසින් බවද මෙම ඇමතිවරයා, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට හෙළිකර ඇතැයි ද පැවසේ.

මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම කාරණය තහවුරු කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මේ වනවිට නම් කර ඇති ‘යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුවේ පළමුවැනියා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර, දෙවැනියා මුදල් ඇමති රවි කරුණානායක මහතා වේ.

තුන්වැනියා ලෙස ඇමති මලික් සමරවික්‍රම මහතාව මේ වන විටත් හෙළි කර ඇති අතර මීළග අංකය ඉදිරි දින කිහිපයේ හෙළි කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු පිරිස සූදානම් වෙයි.

මෙම වැඩපිලිවෙල යටතේ ප්‍රධානතම දස දෙනෙකුත් ඉන් පසු සෙසු සියල්ලත් සතියෙන් සතිය හෙළි කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.