FAST NEWS

24×7 Around the Globe

ලොව සුපිරිම අමෙරිකානු ගුවන් යානයක් ලංකාවට ආ හැටී… (ඡායාරූප)

 

ලොව දියුණුම නාවික ආරක්ෂක සේවා සැපයීමේ නිරත ගුවන් යානයක් වන P-8A පොසිඩොන් අමෙරිකානු ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පසුගිය දා ළඟා වී තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙන පරිදි, එරට ආරක්ෂක බලකායේ ‘රෙඩ් ලාන්සර්ස්’ කණ්ඩායම රැගත් P-8A පොසිඩොන් ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පසුගිය 11 වන දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

එසේම අමෙරිකානු නිලධාරීන් ශ්‍රී ලංකා නිලධාරීන් හමුවී මෙම නවීන යානයේ හැකියාවන් පෙන්වාදුන් බවත්, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සමග විශේෂ උපදෙස් හුවමාරු කරගත් බවත් තානාපති කාර්යාලය පැවැසීය.

අමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, ජැක්සන්විල් හි ස්ථානගත ‘රෙඩ් ලාන්සර්ස්’, මේ දිනවල ඉන්දු-ආසියා-පැසිෆික් කලාපයේ පිහිටුවා ඇති ඒකකවලට ගුවන් සහ නාවික හමුදා ආරක්ෂක සේවා සැපයීමේ නිරතව සිටින බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන ලදි.

ඡායාරූප පහතින්..

main3743

p8-mattala-rajapaksa-international-airport