FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වර්ජකයින්ට අර්ජුන එල්ල කරන රතු එළිය මෙන්න…

 

හම්බන්තොට මාගම්පුර වරායේ රැකියා ස්‌ථිර කරදෙන ලෙස ඉල්ලා විරෝධතාවේ නිරත වන පිරිස හෙට (15 වැනිදා) සවස 2.00 වන විට සේවයට වාර්තා කරනු නොලැබුවහොත් ඔවුන් රැකියාව හැරගිය අය ලෙස සලකා වෙනත් පිරිසක්‌ බඳවාගැනීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසීය.

හම්බන්තොට වරාය චීන සමාගමට ලබාදීමේදී එහි සිටි සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිත කර වැටුප් වැඩිවීමක්‌ ද සමඟ ඔවුන්ට චීන සමාගම යටතේ සේවය කිරීමට අවස්‌ථාව උදාකර දී තිබූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම සේවකයන්ගේ රැකියාව සම්බන්ධයෙන් නොව වෙනත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් උද්ඝෝෂණය පවත්වන බව පෙනීගොස්‌ ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙහි ඇතැම් සේවකයන් වරායේ සී. සී. ටී. වී. පද්ධතියට හානි කිරීම, මහල් දහතුනක ගොඩනැඟිල්ලේ ජල ටැංකියේ ජලය ඉවත් කිරීම, පරිගණක පද්ධතියට හානි කිරීම ඇතුළු අලාභ හානි රැසක්‌ සිදුකර ඇති බවත් එම හානි ගණනය කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම සේවකයන් හම්බන්තොට වරායට අනුයුක්‌ත කිරීමේදී වරාය අධිකාරියට බඳවා ගන්නා බවට කිසිදු ලිඛිත සඳහනක්‌ කර නොමැති බවත් පැවසූ ඇමැතිවරයා එවැනි ලිපි ඔවුන් සතුව තිබේ නම් තමන්ට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.