FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාපති ඉල්ලා අස්වෙයි…?

 

හම්බන්තොට වරායේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයකින් තමා වැරදිකරු වුවහොත්, නාවික හමුදාපති තනතුරින් තමා ඉල්ලා අස්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර‍ විජේගුණරත්න ජාතික පුවත්පතකට අදහස් දක්වමින් පැවැසීය.

ජාත්‍යන්තර නෞකාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම ඉටුකරන්නේ නාවික හමුදාව බවත් පවසන නාවික හමුදාපතිවරයා, මුහුදු කොල්කරුවන්ගෙන් හෝ කඩාකප්පලකාරි පිරිසකගෙන් නැව් මුදවාගැනීමේදී නාවික හමුදාවේ හැසිරීම වෙනස්බව පෙන්වා දෙන ලදි.

නාවික හමුදාව එකවරම වරායට කඩානොවැදුනු බව පවසන හෙතෙම අවධාරණය කරන්නේ සිදුවීමට පෙර දින අදාල නෞකාවන් ග්‍ර‍හණයෙන් මුදවන ලෙස විරෝධතාකරුවන්ට නාවික හමුදාව දැනුම්දුන් බවයි.

පහරකෑමට ලක්වූ බව කියන මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් තමා ඊට නොපැකිළව ඉදිරිපත් වන බවද නාවික හමුදාපතිවරයා පැවැසීය.

උද්ගතවූ තත්වය සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය නොවු වීඩියෝපට ඇතැයිද, නීතිය ඉදිරියේදී ඒවා ඉදිරිපත් කර අදාල අවස්ථාවේ සිදුවූ සත්‍ය තත්වය පෙන්වීමට සූදානම් බවද ඔහු පැවසුවේය.