FAST NEWS

24×7 Around the Globe

 ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි. පිල් මාරු කිහිපයක්..

 

ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස සන්ධානයක් ලෙසින් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.

ජනවාරි 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් පසුව මෙම පිරිස එජාප රජය සමඟ දින සියයයේ වැඩපිළිවෙලට සහාය දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට ඉඩ ලබා දීම හේතුවෙන් අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කර මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඇමැති අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතුළු ප්‍රබල දේශපාලන නායකයන්ද මේ වන විට සාකච්ඡා සිදු කරමින් සිටී.

ඒ අනුව ඔවුන් සන්ධානයෙන් ඉවත්ව වෙනමම පෙරමුණක් යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තිරණය කිරීමට මෙම පිරිස සාකච්ඡා සිදු කරන අතර ඒ පිළිබඳව මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය මෙම පිරිස තීරණය කර ඇත.

මෙම සාකච්ඡා සඳහා සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ මෙන්ම හෙළ උරුමයේ මන්ත්‍රිවරුන් සමඟ ද සිදු කෙරෙන බව ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය තීරණය කර ඇති අතර එහි නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ දිනවල සිදුකරමින් පවතින බවයි.