FAST NEWS

24×7 Around the Globe

නෞකා බේරාගැනීම වෙනුවෙන් උද්ඝෝෂකයින් මර්දනයට වෙර දරන හමුදා මෙහෙයුම මෙන්න… (විඩියෝ)

 

හම්බන්තොට මාගම්පුර වරායේ තවදුරටත් උණුසුම් තත්වයක් පවතින බව වාර්තා වේ.

උද්ඝෝෂණයේ නිරත සේවකයින් පවසන්නේ නාවික හමුදා භට පිරිසක් පැමිණ සිය උද්ඝෝෂණය මර්දනය කිරීමට උත්සහ කරන බවයි.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් සිදුකළ විමසීමේදී ඔවුන් පැවසුවේ හම්බන්තොට මාගම්පුර වරායේ සිය මෙහෙයුම් සිදුකරන්නේ උද්ඝෝෂකයින් විසින් දින කිහිපයක් තිස්සේ සිරකරගෙන සිටින වෙළෙඳ නෞකා දෙකක් මුදාගැනීමට බවයි.

තමන් වරාය අධිකාරියට අනුයුත්ත කරන ලෙස ඉල්ලා අද(10) මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කරන ලදී.

වීඩියෝව පහතින්..

ඡායාරූප පහතින්..

345353

4564654757